27 April 2024
#ක්‍රීඩා

පාපන්දු ජය නුගේගොඩ ලයිසියම් පාසලට

මාතලේ දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මාතලේ යුනයිටඩ් පාපන්දු සංගමය සංවිධානය කළ මාතලේ යුනයිටඩ් පාපන්දු සංගමය හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර දෙදිනක් පුරා පැවති පාපන්දු තරගාවලියෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම තරග පසුගියදා මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේදි පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ක්‍ අමා චිත්‍රපට සමාගමේ සභාපති ආමල්ක සේනාරත්න මහතා සහභාගි වූ අතර යුනයිටඩ් පාපන්දු සංගමයේ සභාපති වෂීර් රාමතුල්ලා මහතා, එහි අධ්‍යක්ෂ නාගරික මන්ත්‍රී එම්. සෆරුල්ලා මහතා, පුහුණුකරු උදය කුමාර ඇතුළු පිරිසක් සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *