අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශය විසින් අද (28) අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
2019 වසරේදී ආණ්ඩුකාරවරයාගේ අනුමැතියකින් තොරව නැවත ප්‍රසම්පාදන කටයුතු සිදුකරමින් ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු 408ක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු (මුදල්) සහ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයෙකු (සැලසුම් හා මෙහෙයුම්) ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනෙකි.














