චීනයෙන් එල්ල විය හැකි හමුදා ප්‍රහාර හමුවේ තම යුධ ආයුධ නිෂ්පාදන මාර්ග වෙනත් සුරක්ෂිත ස්ථානවලට ගෙනයාම සහ සිවිල් කර්මාන්තශාලා හමුදා අවශ්‍යතා සඳහා යොදාගැනීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ලබන අගෝස්තු 5 සිට 14 දක්වා පැවැත්වෙන “හන් කුඅං” (Han Kuang) වාර්ෂික යුධ පෙරහුරුවේදී සිදුකිරීමට තායිවානය තීරණය කර ඇත. චීනය සාමාන්‍ය හමුදා අභ්‍යාසයක් ලෙස පෙන්වමින් හදිසියේම තායිවානය ආක්‍රමණය කිරීමට ගන්නා උත්සාහයකට මුහුණදෙන ආකාරය මෙහිදී අනුකරණය කෙරේ.
ප්‍රහාරයකදී ප්‍රධාන ආරක්ෂක ස්ථාන අක්‍රිය වුවද හමුදා සැපයුම් නොකඩවා පවත්වාගැනීම සහ නාවික මාර්ග සුරක්ෂිතව තබාගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමුකෙරේ. මීට සමගාමීව, ඇමරිකානු සහ තායිවාන වෙරළාරක්ෂක බලකායන් අතර පවතින ආරක්ෂක සහයෝගීතාවද වැඩිදියුණු කර ඇති අතර, හදිසි ආක්‍රමණශීලී අවස්ථාවකදී සන්නිවේදන පද්ධති ක්‍රියාත්මක වන ආකාරය පරීක්ෂා කිරීමට පෙරහුරුව අතරතුර මොබයිල් ඉන්ටර්නෙට් වේගය සිතාමතාම මන්දගාමී කිරීමටද තායිවානය පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














