කොළඹ බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ අද (10) දහවල් ඇතිවූ නොසන්සුන්කාරී ගැටුමකින් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන පරිදි මෙම ගැටුම මුලින් රැඳවියන් දෙදෙනෙකු අතර ආරම්භ වී පසුව උත්සන්න වී ඇත.
තුවාල ලැබූ රැඳවියන් වහාම වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා නැවත බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇත. තවත් එක් අයෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මැගසින් බන්ධනාගාරයේ උපරිම ධාරිතාව 600ක් වුවද, දැනට එහි 3,100කට අධික පිරිසක් රඳවා සිටීම මෙම තත්ත්වයට බලපා ඇති බව වාර්තා වේ. ගැටුමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
















