රුපියල් මිලියන 20.73ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් 14 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (28) අලුයම 1.30ට පමණ ක්වාලාලම්පූර් සිට OD 297 දරන ගුවන් යානයෙන් පැමිණි මෙම චීන ජාතිකයින් පිරිස පිළිබඳ සැක සිතී රේගු නිලධාරීන් විසින් පැමිණීමේ පර්යන්තයේදී ඔවුන්ව විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී ඔවුන් සතු ව තිබූ ගමන් මලු 14ක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය සිගරට් කාටුන් 691ක්, එනම් සිගරට් 138,200ක ප්‍රමාණයක් සොයාගෙන රේගු භාරයට ගැනීමට නිලධාරීන් සමත් විය. රේගු විමර්ශන කටයුතුවලින් අනතුරුව අදාළ දුම්වැටි තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.
















