යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙනොස්කිගේ උපන්ගම වන ක්‍රිවි රිහ් (Kryvyi Rih) නගරයේ පිහිටි ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයකට රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 120 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතර ළමුන් 22 දෙදෙනෙකු ද වන අතර, ඔවුන්ගෙන් 5 දෙනෙකු ඇතුළුව 29 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
පළමු ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී විනාඩි 30 කට පමණ පසුව, සහන සේවකයින් සහ පිරිස එකතු වූ අවස්ථාවේදී දෙවන ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති අතර, සෙලෙනොස්කි ජනාධිපතිවරයා මෙය හිතාමතාම සහන සේවකයින් ඉලක්ක කරගනිමින් සිදුකළ පිළිකුල් සහගත “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හඳුන්වමින් දැඩි ලෙස හෙළා දැක ඇත. රුසියානු-යුක්රේන යුද්ධය වසර 4 හමාරක් පුරා ඇදී යන පසුබිමක, පසුගිය බ්‍රහස්පතින්දා ද කියෙව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගියහ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














