දශක හතකට වැඩි කාලයකට පසු, 2026 වසරේ පැවැත්වෙන මිස් යුනිවර්ස් (Miss Universe) රූ රැජිණ තරඟාවලිය සඳහා සහභාගී නොවීමට ප්‍රංශය තීරණය කර තිබේ.
මිස් ප්‍රංශ (Miss France) සංවිධානය නිවේදනය කර ඇත්තේ, මෙම වසරේදී ප්‍රංශ රූ රැජිණිය තරඟාවලිය වෙත ඉදිරිපත් නොකරන බවයි. 2025 වසරේ පැවති මිස් යුනිවර්ස් තරඟාවලියේදී සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා මාලාවක් හේතුවෙන් මෙම දැඩි තීරණය ගැනීමට ඔවුන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, 2026 මිස් යුනිවර්ස් තරඟාවලිය පැවැත්වෙන නිශ්චිත දින වකවානු සංවිධායකයින් විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
















