ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 වසරේ ජනවාරි මස 01 වනදා සිට මැයි මස 28 වනදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ දසදහස් අටසිය හත්දෙනෙකු (1,010,807) දක්වා ඉහළ ගොස් ඇත.
මැයි මාසය තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ තිස්හතරදහස් පන්සිය තිහකි (134,530).
මෙම වසරේ ගතවූ කාලය තුළ සහ මැයි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාලේඛන පහත දැක්වේ:
මෙම වසරේ මේ දක්වා ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින්: 245,981
මැයි මාසයේ පමණක් ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින්: 56,063
මැයි මාසයේ දෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට (එක්සත් රාජධානිය): 8,582
















