අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන අදියර (2026/2027) සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම 2026 අගෝස්තු 17 වන දින සිට සැප්තැම්බර් 27 වන දින දක්වා සිදු කෙරේ.
උසස් පෙළ ප්‍රතිඵල ලෙස 2023, 2024 සහ 2025 වර්ෂවලදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට විෂයයන් තුනටම අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් ලබා තිබිය යුතුය. මීට අමතරව, අ.පො.ස. උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් (S) ලබා තිබීම, සාමාන්‍ය පොදු පරීක්ෂණයෙන් අවම වශයෙන් ලකුණු 30ක් ලබා තිබීම සහ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වන 2026 සැප්තැම්බර් 27 වන දිනට වයස අවුරුදු 25 නොඉක්මවීම අයදුම්කරුවන් සපුරාලිය යුතු මූලික සුදුසුකම් වේ.
මෙම වැඩසටහන යටතේ ඉංජිනේරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, වාණිජ සහ මානව හා ශාස්ත්‍රීය යන විෂය ධාරාවන්ට අදාළව, උපාධි පිරිනමන ආයතන 16ක් හරහා උපාධි පාඨමාලා 129කට වැඩි සංඛ්‍යාවක් සඳහා සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබා දී ඇත.
සුදුසුකම් සපුරා ඇති සිසුන්ට නියමිත කාලසීමාව (සැප්තැම්බර් 27 දක්වා) තුළ අදාළ අයදුම්පත් ඉදිරිපත් කර මෙම අවස්ථාව ලබාගත හැකිය.














