වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධකයන් සමඟ රජයේ සේවකයන් ක්‍රමිකව ජීවත්විය හැකි වැටුප් මට්ටමකට රැගෙන යන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බඳවාගත් වේලාසටහන්කරුවන් 18 දෙනාට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙකු වේලාසටහන්කරු තනතුරට පත්වීම් ලැබීම මෙම බඳවාගැනීමේ විශේෂත්වයක් වන අතර, සම්පූර්ණයෙන්ම සුදුසුකම් පදනම් කරගත් විනිවිදභාවයෙන් යුතු සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් මෙම බඳවාගැනීම් සිදුකළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














