කුකුල් ලාංඡනය සහිත වූ නල්ලූර් කෝවිලේ නිල ධජය එසවීමත් සමගම යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ පුරා මාසයක් තිස්සේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලය ආරම්භ වී තිබෙනවා.
මෙම උත්සව සමය තුළ යාපනයේ නල්ලූර් කෝවිල ආශ්‍රිත ප්‍රදේශයේ මස් මාංශ අලෙවිය හා පරිභෝජනය නවතා දමා ඇති අතර, ඉන්දියාවේ කන්දසාමී කෝවිල්වල සිට පූසාරීවරුන් 500ක් පමණ මීට සහභාගී වේ. දිනකට බැතිමතුන් 7,000ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, බැතිමතුන්ට අවශ්‍ය ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් කෝවිලේ වියදමින් ලබාදීමට කටයුතු යොදා ඇත. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 700ක් සහ සීසීටීවී කැමරා පද්ධති යොදවා ඇති අතර, සංචාරකයින්ගේ නවාතැන් පහසුකම් ද මේ වන විට සම්පූර්ණයෙන් වෙන් වී තිබේ.














