• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට 2014 සමයේ චූදිතයෙක් පත් කරලැයි චෝදනා

31 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට 2014 සමයේ චූදිතයෙක් පත් කරලැයි චෝදනා
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අසංග සෙනවිරත්න මහතා පත්වීමට දැඩි විරෝධය පළ කරමින්, ඒ පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස ‘ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස් – ශ්‍රී ලංකා’ (Freedom Defenders – Sri Lanka) සංවිධානය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
පසුගිය 2025 මාර්තු මස 18 වනදා පාර්ලිමේන්තුවේදී වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ඇති වූ සංවාදයකදී මේ පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, 2014 වසරේදී මෙරට පැවැති තරගාවලියක් ජයග්‍රහණය කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස ෆීජි දූපත්වලින් ක්‍රීඩකයන් තිදෙනෙකු මෙරටට ගෙන්වා ඇති බවයි. ලෝක රග්බි සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකාවට ස්ටර්ලින් පවුම් 50,000ක දැවැන්ත දඩයක් පැනවීමට ලෝක රග්බි සංවිධානය පියවර ගෙන ඇති අතර, එම දඩ මුදල ශ්‍රී ලංකාව විසින් වසරකට පවුම් 5,000 බැගින් අදටත් ගෙවමින් පවතින බව ද එහිදී සනාථ වී ඇත.
‘ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස්’ සංවිධානය පෙන්වා දෙන්නේ 2014 මැයි මස 02 වනදා පැවැති ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ (SLRFU) හදිසි කවුන්සිල රැස්වීමේ වාර්තාවලට අනුව, අදාළ විදේශීය ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමේ තීරණය ගෙන ඇත්තේ එකල රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අසංග සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ බවයි. රටට සහ ක්‍රීඩාවේ කීර්තිනාමයට විශාල හානියක් සිදු කළ මෙවැනි සිදුවීමකට වගකිව යුතු පුද්ගලයකු ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්වීම සදාචාරාත්මක නොවන බව එම සංවිධානය අවධාරණය කරයි.
ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අපරාධමය වරදක් අනාවරණය වුවහොත් ඉදිරි කටයුතු ශ්‍රී ලංකා පොලිසිය වෙත භාරදෙන ලෙසත්, දැනට පත් කර ඇති ජාතික ඔලිම්පික් කමිටුව විසුරුවා හැර සුදුසු පුද්ගලයන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය පසුබිම සකසා දීමට පියවර ගන්නා ලෙසත් ‘ෆ්‍රීඩම් ඩිෆෙන්ඩර්ස්’ සංවිධානය ක්‍රීඩා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.
Post Views: 12
Previous Post

ජයග්‍රහණය හමුවේ ප්‍රචණ්ඩ වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිසියේදී 280කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Next Post

සෞඛ්‍යාරක්ෂිත නොවන දන්සල් 148 ක් PHI දැලේ පැටලෙයි වසා නොදමා නිවැරදි කරගන්නැයි දැඩි උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved