• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජයග්‍රහණය හමුවේ ප්‍රචණ්ඩ වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිසියේදී 280කට වැඩි පිරිසක් අත්අඩංගුවට

31 May 2026
in පුවත්, විදෙස්
ජයග්‍රහණය හමුවේ  ප්‍රචණ්ඩ වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිසියේදී 280කට වැඩි පිරිසක් අත්අඩංගුවට
චැම්පියන්ස් ලීග් අවසන් මහා තරඟයේදී පැරිස් සෙන්ට්-ජර්මේන් (PSG) කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් පසු පැරිස් අගනුවර ඇතුළු ප්‍රංශය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. හංගේරියාවේ Puskás Aréna හිදී ඊයේ (30) පැවැති මෙම තීරණාත්මක තරඟයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසු විය. අනතුරුව ජයග්‍රාහකයන් තේරීම සඳහා ලබාදුන් දඬුවම් පහර අවස්ථාවේදී 4-3ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට PSG කණ්ඩායම සමත් විය. වසර 71ක චැම්පියන්ස් ලීග ඉතිහාසය තුළ PSG කණ්ඩායම ශූරතාව දිනා ඇත්තේ මෙම අවස්ථා දෙකේදී පමණි.
කෙසේ වුවද, මෙම ජයග්‍රහණය හමුවේ ඉන් උද්ධාමයට පත් වූ ප්‍රංශ ක්‍රීඩාලෝලීන් පැරිස් අගනුවර වීදි ආක්‍රමණය කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත. එහිදී බස් සහ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවලට දැඩි ලෙස බාධා කරමින්, අනතුරුදායක ලෙස ගිනිකෙළි සහ ගිනිදැල් දල්වා තිබේ. මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් ප්‍රංශය පුරා පුද්ගලයින් 416 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 283 දෙනෙකුම පැරිසියේදී අත්අඩංගුවට ගත් අය වෙති.
මෙම නොසන්සුන්තාවයන් මැඩපැවැත්වීම උදෙසා පොලිස් නිලධාරීන් දහස් ගණනක් යෙදවීමට සිදුවූ අතර, ක්‍රීඩාලෝලීන් විසුරුවා හැරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද සිදුවිය. මෙම ගැටුම්වලින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම තුවාල ලබා ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ ශූරතාව දිනාගත් අවස්ථාවේදී ද ප්‍රංශය තුළ මෙවැනිම ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබුණි.
Post Views: 2
Previous Post

ඉබෝලා නිසා පැනවූ සංචාරක සීමා ගැන නැවත සිතන්නැයි WHO ඉල්ලයි

Next Post

ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට 2014 සමයේ චූදිතයෙක් පත් කරලැයි චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට 2014 සමයේ චූදිතයෙක් පත් කරලැයි චෝදනා

ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධුරයට 2014 සමයේ චූදිතයෙක් පත් කරලැයි චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved