මෙම මසට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද (01) දිනයේදී සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දිනකදී ගන්නා බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මෙරට අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දින වන අතර, එහිදී සියලුම ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දැමීය. එම සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 398ක් ලෙසත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 455ක් ලෙසත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 382ක් ලෙසත්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 443ක් ලෙසත්, භූමිතෙල් ලීටරයක් රුපියල් 255ක් ලෙසත් සංශෝධනය කෙරිණි.














