27 April 2024
#දේශීය

ඉදිරි සංචරණ සීමා ගැන 27 වනදායි පසු තීරණය කෙරේ – යුධ හමුදාපති

ලබන 28 වන සිකුරාදා අළුයම 4 ට සංචරණ සීමා යළි ලිහින් කරන විට ඉදිරි 29 සහ 30 සති අන්තයේ සංචරණ සීමා පැනවිම පිළිබඳ 27 වනදා තත්ත්වය සමාලෝචනය කිරිමෙන් පසුව තීරණය කරන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේම පසුගිය 21 වනදා රාත්‍රි 11 සිට රට පුරා ක්‍රියාත්මක කල සංචරණ සීමා මැයි 25 වන අඟහරාවාදා අළුයම 4 ට ලිහිල් කොට එදිනම රාත්‍රි 11 ට යලි පනවනු ඇත.

යුධ හමුදාපතිවරයා පැවසුවේ 25 වනදා අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් කරනුයේ ආහාර ද්‍රව්‍ය හා ඖෂධ දේ ජන ජිවිතයට අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවා සපයා ගැනීමට ඉඩදීම සඳහා පමණක් බවයි.

සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදු නොවන බව හමුදාපතිවරයා පැවසිය. සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුළ විවෘතව තැබීමට ඉඩ ලැබෙන්නේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවි සැල් සහ ඉන්ධන පිරවුම් හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන ආයතන පමණි.

මත්පැන් අලෙවි සැල් විවෘතව තැබීමට සහ අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශිවිම් සඳහා ඉඩ නොලැබෙන බව යුද හමුදාපතිවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *