සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත දේශපාලන සම්මන්ත්‍රණයක් එළැඹෙන මැයි මස 24 වැනිදා ගම්පහදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම විශේෂ සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ග්‍රාමීය නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජා-ඇල පිහිටි හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සූදානම් වීමේ රැස්වීම පැවැත්වුණු අතර, එහිදී 24 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ සම්මන්ත්‍රණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය උපරිම මට්ටමින් ලබා දීම පිළිබඳවත්, ඒ වෙනුවෙන් පක්ෂය විසින් දියත් කර ඇති විශේෂ සංවිධානාත්මක වැඩපිළිවෙළවල් පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ රැසකට එළැඹ තිබේ.
















