ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට භාවිතා කරන ලද ගිනි අවිය ලබා දී ඇත්තේ ගම්පහ ඔස්මන් නමැත්තා බව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ වාර්තා කරන ලදී.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ 44 වන සැකකරු ලෙස ගම්පහ ඔස්මන් නමැත්තා නම් කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබේ. සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සිද්ධියේ වෙඩික්කරු වන පළමු සැකකරු වෙත අදාළ ගිනි අවිය ලබා දීම සඳහා ගම්පහ ඔස්මන් වෙනත් ස්ථානයකට ගොස් ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ක්‍රියාත්මක වූ පැය 72ක රැඳවුම් නියෝග කාලය අවසන් වීමෙන් අනතුරුව, විමර්ශන කටයුතු සඳහා ඔහුව තවත් දින 90ක කාලයක් රැඳවුම් නියෝග මත තබා ගැනීමට අවසර ගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.














