ශ්‍රී ලංකා පොලිසියට වසර 160ක් සපිරීම නිමිත්තෙන් වටවල ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයට සහ වාට්ටු සංකීර්ණවලට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෙත භාරදීම සිදු කර තිබේ.
වටවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා ඇතුළු නිලධාරීන්, සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම හා මූල්‍ය දායකත්වයෙන් මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර ඇති අතර, හැටන් කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ මාර්ගය ජනතා අයිතියට පත් කෙරිණි.















