රත්නපුර නගරය ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් (Global Hub) බවට පත්කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
රත්නපුර ග්‍රෑන්ඩ් සිල්වර් රේ සංකීර්ණයේදී අගෝස්තු 31 වනදා ආරම්භ වූ “Gem City Ratnapura 2026” ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ ලංකා මැණික් වෙළඳුන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය (LGDMA) එක්ව සංවිධානය කරන ලද මෙම තෙදින ප්‍රදර්ශනය සඳහා ඇමෙරිකාව, චීනය, ජපානය, තායිලන්තය, ඉන්දියාව සහ ස්පාඤ්ඤය යන රටවල ආයෝජකයින් සහ විදේශීය ගැණුම්කරුවන් රැසක් එක්ව සිටිති. අගය එකතු කළ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය මගින් වසරකට ඩොලර් බිලියන 2ක විදේශ ආදායමක් ලබාගැනීමට රජය අපේක්ෂා කරන බවත්, තරුණ හා කාන්තා සහභාගීත්වය වැඩි කරමින් රත්නපුරය ලෝකයේම මැණික් මධ්‍යස්ථානයක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














