අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ (WGEID) නියෝජිත ඇනා ලොරේනා ඩෙල්ගඩිලෝ පෙරෙස් (Ana Lorena Delgadillo Pérez) මහත්මිය, උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් යාපනයේ සංවිධානය කර තිබූ “සාධාරණත්වය උදෙසා වූ දීර්ඝ මාවත” (Long Road for Justice) විශේෂ ප්‍රදර්ශනයට එක්වී තිබේ.
අගෝස්තු 30 වනදා යාපනය තන්තෙයි සෙල්වා ශාලාවේදී ආරම්භ වූ මෙම ප්‍රදර්ශනයට අතුරුදන් වූවන්ගේ පෞද්ගලික භාණ්ඩ සහ මතක සටහන් රැසක් ඇතුළත් කර තිබිණි. මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය සඳහන් කළේ, සිය දරුවාට සිදු වූයේ කුමක්දැයි නොදැන කිසිදු මවක මිය නොයා යුතු බවයි. අතුරුදන් වූවන් පිළිබඳ සත්‍ය හෙළිවන තෙක් රාජ්‍යයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම අවසන් නොවන බව ද ඇය අවධාරණය කළාය. ඇය ඉදිරියේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි ජනසූනියම් (සමූහ මිනීවළවල්) සහ හමුදා කඳවුරු පරිශ්‍ර කිහිපයකද නිරීක්ෂණ සංචාරවල නිරත වීමට නියමිතය.














