පසුගිය වසරේ පැවැති පළාත් පාලන මැතිවරණ සමයේදී කුමන්ත්‍රණ සිදුකිරීමට ජනතාව උසිගැන්වීම සහ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවීම යන චෝදනාවලට වැරදිකරු කරමින් ජෝර්ජියාවේ (Georgia) ප්‍රමුඛ පෙළේ විපක්ෂ දේශපාලන නායකයෙකු වන ලෙවන් කබෙයිෂ්විලි (Levan Khabeishvili) වෙත වසර 2යි මාස 6ක සිරදඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (21) පියවර ගෙන තිබේ. ලෙවන් කබෙයිෂ්විලි යනු ජෝර්ජියාවේ ප්‍රධානතම විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන එක්සත් ජාතික ව්‍යාපාරයේ (UNM) හිටපු සභාපතිවරයාය.
පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති නගර සභා මැතිවරණ දිනයේදී “සාමකාමී විප්ලවයක්” වෙනුවෙන් වීදි බසින ලෙස ජෝර්ජියානු ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලා සිටීම හේතුවෙන් ඔහුව පසුගිය සැප්තැම්බර් මාසයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ වුවද, මාධ්‍ය වාර්තා පවසන්නේ තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලුම දේශපාලන චෝදනා කබෙයිෂ්විලි විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
2012 වසරේ සිට ජෝර්ජියාවේ බලයේ සිටින ‘Georgian Dream’ පාලක පක්ෂය පසුගිය ඔක්තෝබර් 4 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් අතර, රජය සමඟ පවතින දේශපාලන මතභේද හේතුවෙන් UNM ඇතුළු ප්‍රධාන විපක්ෂ සන්ධාන දෙකක් එම මැතිවරණය වර්ජනය කිරීමට පියවර ගත්තේය. ජෝර්ජියානු රජය විසින් යුරෝපා සංගමය (EU) සමඟ පවත්වන සාකච්ඡා තාවකාලිකව අත්හිටුවීමට 2024 නොවැම්බර් මාසයේදී තීරණය කිරීමත් සමඟ, එරට ජනතාව අගනුවර වන තිබිලිසි (Tbilisi) නුවර කේන්ද්‍ර කරගනිමින් දිනපතා රාත්‍රී කාලයේදී රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවල නිරත වෙති. මැතිවරණ දින රාත්‍රියේදී ද විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමට උත්සාහ කළ අතර එහිදී කැරලි මර්දන පොලිසිය ජල ප්‍රහාර සහ මිරිස් කුඩු ප්‍රහාර (Pepper spray) එල්ල කරමින් ඔවුන්ව විසුරුවා හැරීමට කටයුතු කළේය.














