27 April 2024
#දේශීය

වැසිකිලි වලකට වැටී දැරියක් මරුට

මාවනැල්ල, මාවෙල, හිඟුල ප්‍ර දේශයේදී වයස අවුරුදු 14 ක දැරියක් වැසිකිලි වලට වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (27) උදෑසන 8 ට පමණ මිය ගිය දැරිය මිදුල අතුගාමින් සිටියදී වැසිකිලි වලකට යොදා තිබු කොන්ක්‍රිට් ආවරණයේ කොටසක් කැඩී එය තුලට වැටී ඇති අතර පසුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණය මාවනැල්ල රෝහලේදී සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ විෂ වායුව ආග්‍රහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *