යුදෙව් විරෝධීභාවයට එරෙහි සන්ධානයේ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද අලුත්ම සතිපතා වාර්තාවට අනුව, පසුගිය සතිය තුළ පමණක් ලොව පුරා රටවල් 26කින් යුදෙව් විරෝධී සිදුවීම් 100ක් වාර්තා වී ඇති බව The Jerusalem Post පුවත්පත වාර්තා කරයි.
මෙම වාර්තාවට අනුව ප්‍රචණ්ඩකාරී ප්‍රහාර 4ක්, පොදු දේපළවලට හානි කිරීම් 11ක් සහ ප්‍රමුඛ පෙළේ යුදෙව් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙකුට එල්ල වූ සෘජු මරණීය තර්ජන ඇතුළත් වේ. ෆ්ලොරිඩා සහ ටොරොන්ටෝ හි වෙසෙන ක්‍රියාකාරීන්ට “සියලුම යුදෙව්වන් මරා දැමිය යුතුය” යනුවෙන් සටහන් වූ විද්‍යුත් තැපැල් සහ කෙටි පණිවිඩ ලැබී ඇති අතර, නියෝ-නාසි සහ අන්තවාදී කණ්ඩායම් විසින් ගෝලීය වශයෙන් යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම හිංසනයන් වැළැක්වීමට ජාත්‍යන්තර මට්ටමින් වහා නීතිමය පියවර ගතයුතු බව අදාළ සංවිධානය අවධාරණය කරයි.














