පර්සියානු ගුලියේ පිහිටි ලාරාක් දූපත වෙත ඇමෙරිකානු හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයට අනිවාර්යයෙන්ම නිසි පිළිතුරු සහ දඬුවම් ලබාදෙන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සපථ කර ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
මෙම ඇමෙරිකානු ප්‍රහාරය හේතුවෙන් ඉරාන සෙබළුන් මෙන්ම සිවිල් වැසියන් කිහිපදෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. හෝමුස් සමුද්‍රසන්ධියට නාවික බෝම්බ ඇතුළත් රොකට් එල්ල කිරීමට සූදානම් වූ බව පවසමින් ඇමෙරිකාව එල්ල කළ මෙම ප්‍රහාරයට එරෙහිව ඉරානයෙන් දැඩි ප්‍රතිප්‍රහාර එල්ලවීමේ අවදානමක් මතුවීමත් සමග, මුළු මැදපෙරදිග කලාපයේම ආරක්ෂක තත්ත්වය අතිශය අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇත.














