අද (03) ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 94.92 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.24%ක වර්ධනයකි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 97.04 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.08%ක වැඩිවීමකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 96.09 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.76%ක වර්ධනයකි.
















