ලෝකවාසී ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික උත්සවයක් වන හජ් උත්සවය අද දිනට (28) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමයට අනුව ‘දුල් හජ්’ මාසයේ දසවැනි දිනයේදී මෙම උත්සවය පවත්වනු ලබයි. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු ප්‍රධාන ආගමික වගකීම් පහ අතුරින් අවසන් වගකීම වන්නේ ද හජ් වන්දනාවයි.
නබි නායකතුමාණන්ගේ ඉගැන්වීම්වලට අනුව ඉස්ලාම් බැතිමතුන් මෙම හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි. ශාරීරික ශක්තිය මෙන්ම මූල්‍යමය හැකියාවන් පවතින මුස්ලිම්වරුන් තමන්ගේ ජීවිත කාලය තුළ එක් වරක් හෝ ඉටු කිරීමට බැඳී සිටින දින පහක වන්දනා ගමනක් වන හජ් වන්දනාවේ අවසානය, මෙම උත්සවය පැවැත්වීමෙන් සනිටුහන් කෙරේ.














