බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට එල්ල වන චෝදනා ප්රතික්ෂේප කරන බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
අද (14) පැවති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
බන්ධනාගාර නීති රීති අනුව එවැනි සිදුවීමක් සිදුවීමට හැකියාවක් නොමැති බවද මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















