27 July 2024
#ක්‍රීඩා

මහ දවාලේ දුෂණය වුණා – ඥානසාර හිමියන්

තමන්ට එරෙහිව පැවැති නඩුවේදී ලබා දුන් නඩු තීන්දුව සමඟ අධිකරණය හැල්ලුවට පත් වුවා පමණක් නොව නීතියේ දෙවගන දුෂණයට ලක් වු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කිරුළපන පිහිටි බොදුබල සේනා සංවිධාන මූලස්ථානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් සිරගත කිරීම පිටුපස අමාත්‍යවරුන් දෙදෙනෙකුද සිටින බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේය.

එහිදී උන්වහන්සේ මෙසේද අදහස් පල කර සිටියේය “අනිවාර්යයෙන්ම 06 මාසයකට ඥනසාරට ජම්පරය අන්දවනවා කියලා සාකච්ජා කරලා. සතියකට කලින් මං මේක දන්නවා එත් විශ්වාස කලේ නැ.හෝමාගම අධීකරණයට ගිහිල්ලා නඩුව කැදවන කොටත් මේ සිද්ධිය මට ඇවිල්ලා කිව්වා හමුදුරුවනේ විශ්වාස කරන්න එපා මේ තීන්දුවමයි ඔබ වහන්සේට එන්නේ“ යැයි ඥානසාර හිමියන් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *