ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ සාම එකඟතාවයක් පිළිබඳව පවතින සුබවාදී බලාපොරොත්තු හමුවේ අද (16) ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබේ ඇමෙරිකානු ඩොලරයේ අගය පසුගිය සති හයක කාලය තුළ වාර්තා වූ අවම මට්ටමට පහත වැටීම රන් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති අතර ආයෝජකයන් දැන් ඉතා උනන්දුවෙන් මැදපෙරදිග තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් සිටිති
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල 0.7% කින් ඉහළ ගොස් ඩොලර් 4,821.44 ක් ලෙස සටහන් විය පසුගිය පෙබරවාරි මාසයේදී ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට බලශක්ති මිල ඉහළ යාම සහ උද්ධමන බිය නිසා රන් මිල 8% කින් පමණ පහත වැටී තිබුණි කෙසේ වෙතත් යුද්ධය නිමාවීම පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ අදහස් සමඟ රන් මිල යළිත් ඩොලර් 5,000 සීමාව දක්වා ඉහළ යා හැකි බව වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි රන් මිලට අමතරව රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ද අද දිනයේ ඉහළ අගයක් ගෙන තිබේ














