ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට කොංගෝ රාජ්‍යය මීට සුළු වේලාවකට පෙර සමත් විය. කොංගෝ කණ්ඩායම මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ ප්‍රබල පෘතුගාල කණ්ඩායමට එරෙහිව වීම විශේෂත්වයකි.
ඇමෙරිකාවේ හූස්ටන් නුවර, හූස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘K’ කාණ්ඩයේ 23 වැනි තරගය ලෙස මෙම තීරණාත්මක තරගය ක්‍රියාත්මක වේ.
කොංගෝ රාජ්‍යය වෙනුවෙන් මෙම සුවිශේෂී සහ ඓතිහාසික ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ යොආන් විස්සා (Yoane Wissa) ය. ඔහු තරගයේ පළමු අර්ධය අවසන් වීමට මොහොතකට පෙර, එනම් 45 වැනි විනාඩියේදී මෙම ගෝලය සාර්ථකව ලබා ගනිමින් කොංගෝ පාපන්දු ඉතිහාසය අලුතින් ලිවීමට සමත් විය.
















