මෙම වසරේ (2026) මැයි මාසයේදී ගුවන් ගමන් නතර කළ ‘ස්පිට් එයාර්ලයින්ස්’ (Spirit Airlines) සමාගමට අයත් දශක ගණනාවකට පැරණි ඊමේල් මිලියන 100ක්, මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Teams) පණිවිඩ මිලියන 500ක් සහ සේවක වාර්තා මිලියන ගණනක් ඩොලර් මිලියන 10 ක මුදලකට මිලදී ගැනීමට ගූගල් සමාගම සැරසෙයි.
පාරිභෝගික දත්ත මෙම ගනුදෙනුවෙන් ඉවත් කර ඇති නමුත්, සේවකයින්ගේ දත්ත ඊට ඇතුළත් වේ. තෙවන පාර්ශ්වයක් විසින් අනන්‍යතාවය තහවුරු කළ හැකි තොරතුරු ඉවත් කර වාර්තා අතර සබැඳි පමණක් සුරක්ෂිත කර මෙම දත්ත ගූගල් වෙත ලබා දීමට නියමිතය. තම නිෂ්පාදන සහ කෘත්‍රිම බුද්ධි (AI) ආකෘති වැඩිදියුණු කර ගැනීම සඳහා මෙම දත්ත ඉමහත් උපකාරී වනු ඇති බව ගූගල් පවසයි. මෙම ඩොලර් මිලියන 10ක විකුණුම් ගනුදෙනුව ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව බංකොලොත්භාවය පිළිබඳ විනිසුරුවරයෙකු විසින් තීරණය කිරීමට නියමිතව ඇති අතර, තවත් ලංසුකරුවෙකු විසින් මේ සඳහා ඩොලර් මිලියන 7.5ක ලංසුවක් ද ඉදිරිපත් කර තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal(x) ඇසුරින්














