• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දයෙන් දිනූ ගෝඨා ගෙදර.. පැරදුණු රනිල් ජනපති – විමල් වීරවංශ

22 July 2022
in දේශීය

‘අරගලය’ නමැති ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඡන්දයෙන් දිනූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යැවූ බව එහි ප්‍රකාශකයන් පවසද්දී අවසානයේදී සිදුව ඇත්තේ 69ලක්ෂයක ජනවරමක් හිමිව තිබූ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවා මහමැතිවරණයෙන් පැරදී වසර එකහමාරකට පසුව තම පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරහා පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ ‘ජනාධිපති පුටුවේ’ වාඩි කරවීම යැයි ජානිපෙ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ඊයේ (21) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. ” පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134ක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන්නේ ඇයි? ඒකට විවිධ හේතු තිබෙන්නේ පුළුවන්. නමුත් ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ තමයි මන්ත්‍රීවරුන්ගේ අනාරක්ෂිත මනස. ‘අපට ආරක්ෂාවක් නැහැ. අපේ ගෙවල් ගිනි තිබ්බා. ගමට යන්න බැහැ, එනවා ප්‍රචණ්ඩ ලෙස පහර දෙන්න. සේරටම කලින් මේ තත්ත්වය වෙනස් කරගන්න ඕනේ. මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්, මේ පිළිබඳව කීර්තිමත් උපාධියක් ලබා සිටින රනිල් වික්‍රමසිංහට තමයි’ කියලයි ඒ පිරිස හිතන්නේ. මේ තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් ලැබීමට ප්‍රධාන හේතුව. මේ මනස හැදුවේ කවුද? අරගලය; මැයි 09 වැනිදා රාත්‍රියේ ගෙවල් ගිනි තියපු සෙට් එක. අන්තිමේදී ඒ සෙට් එක ගෙවල් ගිනි තියලා පොටපාදලා දී ඇත්තේ කාටද? වික්‍රමසිංහට. අපට පෙනෙන ආකාරයට මේ 134 තුළ සිටිනවා, පොහොට්ටුවේ පමණක් නොවෙයි, සජබ හා ටීඑන්ඒ මන්ත්‍රීවරු. වෙනත් කවර හේතු තිබුණත් එයාලා රනිල් වික්‍රමසිංහට ඡන්දය දීමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ අනාරක්ෂිත මනසයි. එයාලා සියලුදෙනා සෙව්වේ මේ අනාරක්ෂිතභාවය ඇති කළ පිරිසට ‘පරිප්පු දෙන්න’ පුළුවන් ජනාධිපති කෙනෙක්.

දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක්, විචාරශීලී කියැවීමක් යන කිසිවක් නැති, රැවුල් වවාගත්තු, කනේ කරාබු දාගත්තු, ලිබියාවේ කැරලිකරුවන්ගේ ස්වරූපය හදා ගත්තු අය, හෙන වීරයෝ වෙලා සුන්දර කතා කියපු සමාජ ජාලා ක්‍රියාකාරිකයෝ, නළු නිළියෝ යන මේ සියලුදෙනා ෆෝම් කරලා අන්තිමට ගෙනාවේ කවුද? රනිල්. මේක තමයි ඇත්ත කතාව. මන්ත්‍රීවරුන්ට රනිල්ව ඕනෑ වුණේ මේ හින්දයි. ඒ වගේම ඔවුන් හිතුවා, ‘ඩලස් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩි කෙනෙක්, අරගලකරුවන් සමග හුරතල් වන කෙනෙක්, අරගලකාරයන්ට පරිප්පුව දෙන්න බැරි කෙනෙක්’ කියා. ඒ නිසා ඩලස්ට වඩා එයාලාට රනිල් හොඳ වුණා.

අලුත් ජනාධිපතිවරයා පිළිබඳ අසුබවාදී චිත්‍රයක් මවන්න අපට උවමනා නැති වුවත් මේ රට වැටිලා තිබෙන තරමේ හැටියට, ඔහුට හෝ ඔහු දිනවීමට මූලික වූ කණ්ඩායමට මේ රට ගොඩගන්න පුළුවන් වේවි, කියලා අපට අබමල් රේණුවකවත් විශ්වාසයක් නැහැ. අපි ඉන්නේ, ‘ලබන මාසේ පඩිය රජයේ සේවකයාට ගෙවන්නේ කොහොමද?’ කියන ප්‍රශ්නය ඉදිරිපිට. මේ වසරට වඩා ඉදිරි වසර අමාරු වේවි, කියා ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කරද්දී රටට නායකත්වය ලබාදිය යුත්තේ සුජාතභාවයෙන් යුත් කණ්ඩායමක්. ඔවුන් මහජනයා තුළ විශ්වාසය ඇති කළ යුතුව තිබෙනවා.

ඒ නිසා තමයි අපි හැමවිටම සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් පිළිබඳව අවධාරණය කළේ. ඩලස් අලහප්පෙරුම ජයග්‍රහණය කළා නම්, සජිත් ප්‍රේමදාස ඇතුළු එම සන්ධානය, වෙනත් පක්ෂ ගණනාවක් සහිතව සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් ගොඩනැගීමට නියමිතව තිබුණා. එහෙම වුණාම මහජන විශ්වාසය මෙන්ම ජාත්‍යන්තර විශ්වාසය ද දිනාගත හැකිව තිබෙනවා. කෙසේ නමුත් මෙවැනි සුජාතභාවයකින් තොර පාලනයක් ඉදිරියට යන විට මහජන ආතතිය, පීඩනය වැඩි වෙද්දී නැවත පුපුරා යෑමට තිබෙන ඉඩකඩ වැඩියි.

නමුත් මෙහිදී කියන්න ඕනේ, ඒ පුපුරා යෑම මර්දනයෙන් යටපත් කිරීමට තිබෙන ඉඩකඩත් අඩු බව. ඉහත කී මන්ත්‍රීවරුන් 134දෙනා අතරින් සමහරු හිතනවා ඇති ‘එදා, 88 – 89 ජවිපෙන් ආපු අභියෝගය රනිල් වික්‍රමසිංහ මහත්තයාලා ජය ගත්තා. මේ තත්ත්වයත් එහෙම කළමනාකරණය කරාවි’ කියා. එදා වට්ස්ඇප් සමූහ, නෙට්වර්ක් ඇතුළු සමාජ මාධ්‍ය පැවතියේ නැහැ. නමුත් අද පීඩනයෙන්, දරිද්‍රතාවෙන් පෙළෙන, තමන්ගේ ජීවන රටාව අභියෝගයට ලක් කිරීම හේතුවෙන් ආතතියෙන් පෙළෙන තරුණ හා මැදි වයසේ මහා සමාජයක් මෙම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරු කර ගන්නවා. එම අදහස් ප්‍රඥාවන්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එය පාලනයකින් තොරව සිදු වෙනවා. එවැනි තත්ත්වයක් තුළ, 88-89 පන්නයේ මර්දනයකින් හෝ වෙනත් ආකාරයේ මර්ධනයකින් මිනිසුන්ගේ සිතිවිලි යටපත් කළ හැකියි, කියා සිතනවානම් එය සාධාරණ නැහැ; නිවැරදි නැහැ.

තව මාස 02 -03කින් සමාජය තුළ පුපුරා යාමක් සිදුවීමට පුළුවන්. එය පාලනය කිරීමට ලේ වැකි තීන්දු තීරණ ගැනීමට ඉඩ තිබෙනවා. එමඟින් බටහිර බලවතුන් බලාපොරොත්තු වන ‘බ්ලඩ් බාත් එක : ලේ ගංගාව’ නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. ඒ ලේ ගංගාව නිර්මාණය වුවහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාමය මැදිහත් ළවීමකට පොටපෑදෙනවා. එසේ නොවන්නේ නම් ඉන්දියානු මැදිහත්වීමකට පොටපෑදෙනවා.අවසානයේදී අරගලකරුවනුත් අරගලයට බියෙන් රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් අයත් ‘නියම උත්තරයට : සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයට’ වැඩෙන්න නොදී එය වළකලා මේ රට බිහිසුණු අනාගතයක් කරා යන මාවතකට රැගෙනවිත් තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණ ලෙසත් පක්ෂ 10 හැටියටත් අපි මේ අර්බුදය හමුවේ ‘ළඟ නවන’ තීරණවලට ගියේ නැහැ. අපි මේ තත්ත්වය හමුවේ හැමවිටම දුර බැලුවා – දුර දැක්කා. අපට තිබෙන බිය ඩලස් අලහප්පෙරුම මහතා පරාජයට පත්වීම නොවෙයි. ‘ගෝඨාභය රාජපක්ෂ මහතා මුහුණ දුන් ආකාරයට නොවෙයි ඉදිරියේදී සිදුවන පුපුරා යාමකට රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දෙන්නෙ. එමගින් බටහිර බලවතුන් බලාපොරොත්තු වන ලේ ගංගාව නිර්මාණය වුවහොත් මේ රටේ අවසාන පරිච්ඡේදයත් ලියවේවි’ කියන බියයි අපට ඇත්තේ. ‘එම තත්ත්වය වැළැක්වීම සඳහා අපි සියලුදෙනා එක්ව ප්‍රඥාවන්තව කටයුතු කරමු, කියන යෝජනාවයි අපට ඇත්තේ.” යැයි විරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 12
Previous Post

ඉන්ධන බලපත්‍ර ලියාපදිංචියට ව්‍යාජ වෙබ් අඩවි … ප්‍රවේසම් වන්නැයි ICTA දන්වයි

Next Post

නව අගමැති දිනේෂ් දිවුරුම් දෙයි

editor

editor

Next Post

නව අගමැති දිනේෂ් දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved