ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර ඇති 2025 වර්ෂයට අදාළ වාර්ෂික කාර්යසාධන වාර්තාවට අනුව, 2023, 2024 සහ 2025 යන වසර තුන තුළ මෙරට සමස්ත මනුෂ්‍ය ඝාතන 1,664ක් සිදුවී තිබෙනවා.
වාර්තාවට අනුව 2023 වර්ෂයේදී මනුෂ්‍ය ඝාතන 573ක්, 2024 දී 555ක් සහ 2025 දී 536ක් ලෙස ඝාතන වාර්තා වී ඇති අතර, එම අපරාධවලින් 93%ක් පමණ විසඳීමට පොලිසිය සමත්ව ඇත. මෙම වසර තුන තුළ කාන්තාවන් 317 දෙනෙකු සහ ළමුන් 48 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.














