ජනතාව දේශපාලනඥයාගේ ඉඳුල් කන යුගය අවසන් කර අනාගතය තමන් අතට ගන්නා යුගය අවසන් ආරම්භ වී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. රැකියාවක් සොයා ඇමැතිවරුන්ගේ කාර්යාල ඉදිරිපිට තරුණ තරුණියන් රැස්ව සිටි යුගය අවසන් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතර උයන්වත්ත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
35 වැඩි අයකට ත්‍රිරෝද පදවන්නට හැකි විදියට ගෙනාපු නීතියට තමා විරුද්ධ වු බවත් 25 දක්වා අඩු කරන්න කියලත් තමා ඉල්ලීමක් කළ බවත් කෙනෙකුට රස්සාවක් කරන්න තියෙන අයිතියට අපි ඉඩ දෙන්න ඕනෙ.‘ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර එන්ටප්‍රයිස් සහන ණය යෝජනා ක්රමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහි වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ය. කාන්තාවන්, පිරිමින්ට සාපේක්ෂව ලැබෙන ණය මුදල් ඉතා සකසුරුවම් ලෙස භාවිත කරන බවත්, ණය වාරික නිසි වේලාවට ගෙවීමට වැඩි උනන්දුවක් දක්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර කොටුවේගොඩ ලංකා බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අමාත්‍යවරයා එහි දී මෙසේ අදහස් කියා සිටියේය “මාතර කියල කියන්නෙ ව්‍යාවසායකත්වයට අලුත් ප්‍රදේශයක් නෙවෙයි. මාතර ඒ සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ ජානගත හැකියාවට ලබා දෙන ශක්තිය තමයි එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නෙ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ණය ලබා දීමට සීමා නොවී ඉන් ඔබ්බට ගිහින් ව්යවාසායකන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් කටයුතු කරනවා. පසුගියා දා පැවැත්වුණ බැංකු කළමනාකාරවරුන්ගේ රැස්වීමේදී වගේ ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ රැස්වීමේ දීත් ඔවුන් පොරොන්දු වුණා තරුණ ව්‍යවසායකන් පුහුණු කිරීමට අවශ්‍ය සහය දෙන්න ඔවුන්ට හැකි බව. ඒ වගේම තමයි සාම්ප්‍රදායික විදියට බැංකුවකින් ණය දීල පැත්තකට වෙන්නෙ නැතුව ඔවුන්ගේ නව ව්යාපාරකවල ප්‍රගතිය සොයා බලන්නත් අපි සූදානම්. තව දුරටත් ඉදිරියට එම ව්‍යාපාර දියුණු කරන්න, අඩුපාඩු සකස් කරන්න උපදෙස් ලබා දෙමින් අපේ තරුණ ව්යාවාසයකන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. විශේෂයෙන් ම මම මෙහිදී සඳහන් කළ යුතුයි ව්‍යවාසායකත්වය සඳහ කාන්තා දායකත්වය සතුටු දායක මට්ටමකට පත් වෙමන් තිබෙනවා. සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහි වීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා. ඔවුන් ගන්නා ණය උපරිමයෙන් සිය අවශ්‍යතාව වෙනුවෙන් යොදවන අතර කලට වේලාවට ණය වාරික ගෙවා දමන්නත් පිරිමින්ට වැඩි හැකියාවක් ඔවුන්ට තිබෙනවා.‘යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.