අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර 11,500කට ජලය සැපයීම සඳහා ඉදිකළ යාන් ඔය ජලාශය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් අතිරේක වන්දි ගෙවීමට රජය තීරණය කර තිබේ. මෙම ජලාශය ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීම හෝ වන්දි ගෙවීම දැනටමත් රජයේ තක්සේරුව මත සිදු කරමින් පවතී.
ව්‍යාපෘතිය හේතුවෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් අතරින් විකල්ප කුඹුරු ඉඩම් ලබා දීමට නොහැකි වූ පවුල් 245ක් අලුතින් හඳුනාගෙන ඇත. රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ ඇස්තමේන්තුවට අනුව, දෙකන්නයම වගා කළ හැකි කුඹුරු අක්කර එකහමාරක වටිනාකම රුපියල් 1,800,000ක් ලෙස නියම කර තිබේ. ඒ අනුව හඳුනාගත් එක් පවුලකට රුපියල් ලක්ෂ 18 බැගින් මෙම අතිරේක වන්දි මුදල ගෙවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි














