• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැතිවරණය කල් යනවාට ආණ්ඩුව බයයි – මනුෂ නානායක්කාර කියයි

16 April 2020
in දේශීය

මැතිවරණ කල් ගියහොත් තමන්ට අවාසිදායක බව දන්නා නිසා ආණ්ඩුව මැතිවරණය කල්යනවාට බියවී ඇති බවත්, මේ නිසා ජනතාවගේ ජීවිත අවදානමට ලක් කරමින් මැතිවරණය කඩිනම් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසිය “ මැතිවරණය සදහා සුදුසු වාතාවරණයක් නොමැති නිසා තමයි දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමටම මැතිවරණ කොමිසම තීරණය කළේ. මැතිවරණය කල් දැමූ දිනයේ සිට දින දාහතරක් ඇතුළත ඡන්දය තියන්න පුලුවන් කියලා ආණ්ඩුව දැන් කියනවා. මේ රටේ ජනතාවගේ ජීවිතද වැදගත් වෙන්නේ, නැතිනම් මැතිවරණයද වැදගත් වෙන්නේ කියලා අපි ප්‍රශ්ණ කරනවා. ජනතාවගේ ජීවිත ගැන අවභෝධයක් නැතිව, ජනතාවගේ ජීවිතවල වටිනාකම තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැතිව මේ වෙලාවේ මැතිවරණය සදහා දින ගණන් කරනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවා මාස තුනක් ඇතුළත මැතිවරණක් පැවැත්විය යුතුයි. ඒ සදහා වන බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. නමුත් මැතිවරණයක් පැවැත්වීම සදහා රටේ වාතාවරණය සුදුසු නොවුනොත් මොකක්ද කරන්නේ? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අය කියන්නේ මැතිවරණය පැවැත්වීමේ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමසමට බව කියනවා. ඒක ඇත්ත. නමුත් රටේ මේ වගේ ව්‍යවසනකාරී තත්වයක් ඇතිවෙලා තිබියදී මැතිවරණය පවත්වන්නේ කොහොමද? මේ වගේ අවස්ථාවකදී තමයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුත්‌තේ. එහෙම නැතිනම් මැතිවරණය පැවැත්වීම සදහා වන ගැසට් නිවේදනය අහෝසි කර නැවත පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කළ යුතු වන්නේ මේ නිසයි. මේ සියල්ල කිරීමේ බලය අවකාශය තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි.

මැතිවරණ කොමසමේ බල සීමාව යටතේ මැතිවරණයකට යාමට අපි සූදානම්. කොරෝනා වසංගත තත්වය සමතයකට පත් වෙලා තිබෙනවා නම් අපි මැතිවරණයකට යාමට සූදානම්. අපි මැතිවරණයකට බය නෑ. නමුත් මැතිවරණය කල් යනවාට ආණ්ඩුව බයයි. මැතිවරණය කල් ගියොත් එන්න එන්නම රටේ අවාසිදායක තත්වයක් නිර්මාණය වන බව ආණ්ඩුව දන්නවා. ආණ්ඩුව අතීසාරයට අමුඩ ගහන්න වගේ ආණ්ඩුවේ හෝදායාම වලක්වා ගැනීමට ඉක්මනින් මැතිවරණයක් තියන්න තමයි ආණ්ඩුව උත්සාහ ගන්නේ.

අද රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව යමක් කියනවා නම්, ආණ්ඩුව ගැන සාධාරණ විවේචන කරන විට ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. රාජ්‍ය යාන්ත්‍රණයම යොදාගෙන තිබෙන්නේ තමන්ගේ දේශපාලන බලහත්කාරකම පාවිච්චි කරන්න. බලහත්කාරයෙන් තමයි රටේ වැඩ කටයුතු කරගෙන යන්න හදන්නේ. ඉතිහාසයේ මෙහෙම යුගයක් තිබුණා. ඒ යුගය නැවත ආරම්භ කරලා, නාමල් බේබිගෙන් අහලා, නාමල් පුතාගෙන් අහලා මේ රටේ වැඩ කටයුතු සිදුකරන යුගය නැවත ආරම්භ කිරිමට සූදානම් වෙනවා. අද ඒක තමයි සිදුවෙලා තිනේනේ. දුරකතනයෙන් කතා කරලා රාජ්‍ය යාන්ත්‍රණයේ ඔ්නෑම වෙනසක් කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හැකියාව තිබෙනවා. ඒකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි රාමුවේ ගමන් මාර්ගය. ඔහු ජනාධිපතිවරයා නොවෙයි. අගමැතිවරයා නොවෙයි. ඇමැතිවරයෙක් නොවෙයි. නමුත් ඔහුට පූර්ණ බලය තිබෙන සර්ව බලධාරී බලතල ලැබිලා තිබෙනවා. මේකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස? යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසිය.

 

Post Views: 9
Previous Post

කොළඹ අයට නොමිලේ වට්ටක්කා බෙදා දෙයි

Next Post

රට ම අවධානයෙන් – මැතිවරණ කොමිසම 20 රැස්වෙයි

editor

editor

Next Post

රට ම අවධානයෙන් - මැතිවරණ කොමිසම 20 රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved