ප්‍රංශයේ පාසල්වල පවතින ගැටලු විසඳන ලෙස ඉල්ලා සිසුන් විසින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයට ස්වීඩන් පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් ද එක්ව තිබේ.
ඔක්තෝබර් 13 වැනිදා පැරිස් නගරයට ආසන්න සෙන්-දෙනි ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පැවති විරෝධතාවකට ඇය සහභාගි වී ඇති බව Reuters වාර්තා කරයි.
ගුරුවරුන්ගේ හිඟය, පන්ති කාමරවල අධික තදබදය සහ පාසල් ගොඩනැගිලිවල අබලන් තත්ත්වය ඇතුළු ගැටලු මුල් කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය සති හතරක් පුරා ක්‍රියාත්මක වේ. සිසුන්ට අමතරව ගුරුවරුන්, දෙමාපියන් සහ වෘත්තීය සමිති ද ඊට සහාය දක්වති.
තරුණයන් තම මූලික අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම තමන්ට ආශ්වාදයක් බව තුන්බර්ග් විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත පවසා තිබේ. පාසල් සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් නොකිරීම, දේශගුණික අර්බුදය සහ සමාජ අසාධාරණය වැනි කරුණු ද ඇය සඳහන් කර ඇත.
නැන්ට්, ස්ට්‍රාස්බර්ග් සහ මාර්සෙයි ඇතුළු ප්‍රංශ නගර කිහිපයක විරෝධතා පැවැත්වී ඇති අතර, බොහෝ විරෝධතා සාමකාමීව පැවති බව වාර්තාව සඳහන් කරයි. කෙසේ වෙතත්, ලියොන් සහ ස්ට්‍රාස්බර්ග් ඇතුළු ඇතැම් ස්ථානවල විරෝධතා අතරතුර පොලිසිය සමඟ ගැටුම් ද ඇති වී තිබේ.
















