හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඉරානය දරන උත්සාහයන්ට එරෙහිව ගල්ෆ් කලාපීය රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී දැඩි ස්ථාවරයක සිටිමින් සිය අදහස් ප්‍රකාශ කර තිබේ. ගෝලීය බලශක්ති සුරක්ෂිතතාව සහ ජාත්‍යන්තර වෙළඳාම සුරැකීම සඳහා මෙම ජල මාර්ගය විවෘතව තැබීමේ අවශ්‍යතාව ඔවුහු මෙහිදී අවධාරණය කළහ.
කටාර් රාජ්‍යය පෙන්වා දුන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම බලශක්ති සුරක්ෂිතතාවට එල්ල වන දැවැන්ත තර්ජනයක් බැවින් මේ සම්බන්ධයෙන් වන යෝජනාව වහාම සම්මත විය යුතු බවයි. ජාත්‍යන්තර ජල මාර්ග විවෘතව සහ ආරක්ෂිතව පැවතිය යුතු බවත්, ඒ සඳහා කිසිදු තර්ජනයකට ඉඩ දිය නොහැකි බවත් කුවේට් රාජ්‍යය ප්‍රකාශ කළේය. සෞදි අරාබිය ද අවධාරණය කළේ මෙම සමුද්‍ර සන්ධිය ගෝලීය වෙළඳාමේ ජීවනාලිය වන බැවින් එහි සිදුවන ඕනෑම බාධාවක් ඉතා බරපතළ ලෙස සලකන බවයි.
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය උපක්‍රමික මෙවලමක් ලෙස භාවිත කරමින් සිදුකරන බලපෑම් හමුවේ අරාබි ලෝකය දැන් එක්සත් ස්ථාවරයකට පැමිණ ඇති බව වාර්තා කරයි.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal (X) සහ Al Jazeera ඇසුරින්
















