ලෝකය පුරා යළිත් වෛරස් භීතිකාවක් මතු කරමින් ‘MV Hondius’ නමැති සංචාරක නෞකාව තුළ හැනිතාවෛරසය (Hantavirus) ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නෞකාව තුළ රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ වන විටත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වීමේ හැකියාව පවතින මෙම මාරක ප්‍රභේදය හේතුවෙන් කේප් වර්ඩ් රාජ්‍යය එම නෞකාවට ඇතුළු වීම තහනම් කර ඇති අතර, මේ වන විට එය ස්පාඤ්ඤය දෙසට ගමන් කරමින් පවතී.
මේ අතර ඊශ්‍රායලයෙන් ද පළමු හැනිතාවෛරස රෝගියා වාර්තා වී ඇති නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත නොවන සාමාන්‍ය ප්‍රභේදයක් බව තහවුරු කර ඇත. කෙසේ වෙතත්, නෞකාව ආශ්‍රිතව ව්‍යාප්ත වන ප්‍රභේදය සඳහා මෙතෙක් නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන වැඩිදුරටත් සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම:CNN ඇසුරින්
















