බංගලාදේශයේ පැවති 10 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ 19න් පහළ කාතා (Kata) කරාතේ තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැටන් ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ ඉෂීනි එනාරා ශිෂ්‍යාව සමත්ව තිබේ.
දකුණු ආසියානු රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේ 19න් පහළ කාතා ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය මෙම විශිෂ්ට දක්ෂතාව දක්වා ඇත. ඇය දැක්වූ මෙම සුවිශේෂී ජයග්‍රහණය මව්බිමට මෙන්ම සමස්ත හැටන් කලාපයටද මහත් ආඩම්බරයක් බව ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තිලක් නවනන්දන මහතා ප්‍රකාශ කළේය.














