හබරණ ඉලුක්වැව ජලාශය සම්පූර්ණයෙන්ම පාහේ සිඳීයාම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව සහ ප්‍රදේශවාසීන් දැඩි අමාරුවකට පත්ව සිටිති. ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සහ කාලෝචිත වර්ෂාපතනය නොලැබී යාම මෙම තත්ත්වය තවත් උග්‍ර වීමට හේතු වී ඇත.
වැව සිඳී යාම නිසා කෘෂිකාර්මික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, ගම්මාන රැසක පානීය ජල හිඟයක්ද උද්ගත වී තිබේ. ළිංවල ජල මට්ටම ඉතා පහළ බැසීම නිසා ජලය ලබා ගැනීම අතිශයින් දුෂ්කර වී ඇති බව ජනතාව පවසති. මේ වන විට පවතින දැඩි ජල අර්බුදය හමුවේ, අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත්වී පානීය ජලය ලබා දීමට සහ විකල්ප ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ගොවි ජනතාව ඉල්සා සිටිති.














