හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට්-ඔු-ප්‍රින්ස් (Port-au-Prince) ආසන්න කඳුකර ප්‍රදේශයක් වන කෙන්ස්කොෆ් (Kenscoff) හි සිදු වූ ප්‍රබල සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.
අගනුවරට පිවිසෙන ප්‍රධාන මාර්ග ආශ්‍රිත උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති මෙම ප්‍රදේශයට පසුගිය වසරේ සිට සන්නද්ධ කල්ලි විසින් මරණීය ප්‍රහාර රැසක් එල්ල කර ඇති අතර, නවතම ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශවාසීන් පෙන්වා දී ඇත්තේ ප්‍රදේශය ආරක්ෂා කිරීමට පොලිසිය අසමත්ව ඇති බවයි. ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් පියවර ගන්නා බව රජය පවසා සිටියද, ප්‍රදේශවාසීන් පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් සිටිති. දශකයකට පසු පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර මෙම තත්ත්වය බරපතල අභියෝගයක් වී තිබේ.














