දරුවන් විභාග සඳහා සූදානම් කිරීම පමණක් අරමුණු කරගත් අධ්යාපන ක්රමයෙන් බැහැරව, ප්රායෝගික දැනුම, කුසලතා සහ යහපත් වටිනාකම් සහිත පුරවැසියන් බිහිකිරීම නව අධ්යාපන ප්රතිසංස්කරණවල ප්රධාන අරමුණ බව අග්රාමාත්ය හා අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අද (24) කඩවලවැව මහා විද්යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
නව ප්රතිසංස්කරණ යටතේ විෂයමාලා සංවර්ධනය, ගුරු පුහුණුව සහ පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු වැඩසටහන් ක්රියාත්මක කරන බව ද අග්රාමාත්යවරිය පැවසුවාය. වසර ගණනාවක් ප්රමාද වූ ගුරු සහ විදුහල්පති බඳවා ගැනීම් යළි ආරම්භ කරමින්, අධ්යාපන පද්ධතියට සුදුසුකම් සහිත මානව සම්පතක් එක්කර ගැනීමට ද කටයුතු කරන බව ඇය සඳහන් කළාය.
නව පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 55ක පමණ මුදලක් වැය කර ඇති අතර, එහි ප්රාථමික පන්ති කාමර අටක් පිහිටා තිබේ.
අග්රාමාත්යවරිය වැඩිදුරටත් පැවසුවේ, 2027 වසරේදී ද අධ්යාපන පරිවර්තනය සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
















