ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (26) හැටන් ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරු තුවාල ලබා තිබේ. පෙරවරු 11.30ට පමණ හැටන්–බගවන්තලාව ප්‍රධාන මාර්‌ගයේ දික්ඔය තේ කර්‌මාන්ත ශාලාව අසලදී මෙම අනතුර සිදුව ඇති බව හැටන් පොලිසියේ රථවාහන අංශය සඳහන් කරයි.
බගවන්තලාවේ සිට තලවකැලේ දක්වා ධාවනය වූ ලොරි රථයක් සහ හැටන් සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. පොලිසිය සඳහන් කළේ වෑන් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, වංගුවකදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථය සමඟ සීමිත ඉඩකින් ගමන් කිරීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති බවත්ය.
අනතුරින් වෑන් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරයි.
















