හැටන් ලංගම ඩිපෝවේ බෞද්ධ සංගමය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බුදුමැදුර මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද (26) විවෘත කෙරිණ. ඊට සමගාමීව ඊයේ (25) රාත්‍රියේ සිට අද පහන් වන තුරු එම බුදුමැදුරේ පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්විණ.
එම පිරිත් සජ්ඣායනාවෙන් අනතුරුව බුදුමැදුරේ තැම්පත් කර තිබූ කොත් වහන්සේ නිරාවරණය කිරීම ද සිදු කෙරිණ. මෙම අවස්ථාවට නුවරඑළිය කලාපයේ ලංගම ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු ජී.බී. දසනායක මහතා සහ හැටන් ලංගම ඩිපෝ කළමනාකරු පාලිත වීරසූරිය මහතා සහභාගි වූහ.
මීට අමතරව හැටන් ලංගම ඩිපෝවේ බෞද්ධ සංගමයේ සාමාජිකයන් ඇතුළු ඩිපෝවේ සේවක සේවිකාවන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















