හැටන්, කොටගල නගරයේ තොග වෙළඳසැලක සඟවා තිබූ පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගැසූ කහ පරිප්පු කිලෝග්‍රෑම් 1740ක තොගයක් භූමිතෙල් ඉස විනාශ කරන ලෙස හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (09) නියෝග කළේය.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කළ හදිසි පරීක්ෂාවකදී මෙම පරිප්පු තොගය සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි. අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකාර වෙළෙන්දා වරද පිළිගත් අතර, ඒ අනුව ඔහුට රුපියල් 2000ක දඩයක් නියම කෙරිණි. විනාශ කරන ලද මෙම පරිප්පු තොගයේ සමස්ත වෙළඳපොළ වටිනාකම රුපියල් පන්ලක්ෂ විසිදෙදහසක් බව සෞඛ්‍ය නිලධාරීහු සඳහන් කරති.
















