පරිසරයට හානිකර HCFC (Hydrochlorofluorocarbon) වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමීකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍ර මගින් මෙම නියමයන් පනවා ඇත.
ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගැනීම සහ දේශගුණික විපර්යාස අවම කිරීම අරමුණු කරගනිමින් රජය මෙම තීරණය ගෙන තිබේ. පරිසරයට හානිකර වායු විමෝචනය කරන උපකරණ භාවිතයෙන් ඉවත් කර, ඒ වෙනුවට වඩාත් පරිසර හිතකාමී තාක්ෂණයන් හඳුන්වා දීම රජයේ අපේක්ෂාවයි. මෙම නව රෙගුලාසියත් සමඟ අදාළ ප්‍රමිතීන්ට අනුකූල නොවන විදුලි උපකරණ ආනයනය කිරීම තහනම් වන අතර, වෙළෙඳපොළ තුළත් පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනෙනු ඇත.
















