එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියලුම දන්සැල් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මහජනතාවට පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන ලබාදීම තහවුරු කිරීමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය මගින් මෙම ලියාපදිංචි කිරීම් සිදුකළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. වෙසක් දන්සැල් සංවිධායකයින් විසින් වහාම ක්‍රියාත්මක වී තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) හෝ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) මුණගැසී මේ පිළිබඳව දැනුවත් කර අදාළ ලියාපදිංචිය ලබාගත යුතු බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.
















