• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය ඇමැති පවිත්‍රා සිය ධුරයේ වැඩ අරඹයි

13 August 2020
in දේශීය

රෝග වැළෑක්වීමට හා රෝග නිවාරණයට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා බවත් සියළු අභියෝග ජයගත් රජයට ඉදිරි අභියෝග සියල්ල ද ජයගත හැකි බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (13) දින පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ බාර ගන්නා අවස්ථාවේදිය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සුව සේවාවේ නව මාවතක් සනිටුහන් කරමින් ගුණාත්මක බවින් උසස් සුව සේවාවක් මෙරට ස්ථාපිත කිරීමට එතුමිය කටයුතු බව මෙහිදී ප්‍රකාශ කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය කාල පරිච්ඡේදයේ වැඩ කළා වගේම ඉදිරි කාල සිමාවෙත් ඉතා පිරිසිදුව විනිවිදභාවයකින් යුතුව රටේ ජනතාවගේ අරමුදල් ඉතාම පරිස්සමින්, නිවැරදි ආකාරයෙන් යහපතට යොදවලා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට තමා කටයුතු කරන බව ඉතාම වගකීමකින් මේ රටේ ජනතාවට මතක් කරන බව ඇය අවධාරණය කළාය.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකතුමන්ලා, දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා, ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

සඳුදාට පෙර වැඩ අරඹන්න : හැකි ඉක්මනින් ඉදිරි කටයුතු සිදුකිරිමට පියවර ගන්න.

Next Post

මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

මාධ්‍ය මර්ධනයක් නෑ.. ඇති කරන්නේ තරඟකාරිත්වක් - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved