පසුගියදා ආරම්භ කරන ලද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි.
වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමන් පාලිත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, ගෙවුණු දින කිහිපය තුළ පමණක් අම්පාර, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය සහ අනුරාධපුර යන ප්‍රදේශවලින් මිලියන 7.8ක වටිනාකමින් යුත් වී තොග මිලදී ගෙන ඇති බවයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල, තන්තිරිමලය සහ උප්පුවේලි ප්‍රදේශවල පිහිටි වී ගබඩා ද වී මිලදී ගැනීම සඳහා සූදානම් කර ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.














